Pages

Wednesday, July 27, 2011

1

Discussion with A Tiny drop of Sri Saddhammaop




Tissa Mahima Senanayake
@ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma අපි එදිනෙදා දකින ජාති දුක, ජරාව, මරණය පෙර නොඇසූ විරූ දහමක් වන්නෙ කෙසේද?

දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි. අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක් පවා) "ඔබට මරණයට පත්වීම, එසේ නොමැතිනම් වයසට යාම දුකක්ද සැපක්ද" කියා ඇහුවොත් කුමක් කියයිද? අනිවාරය‍යෙන් කියයි... "සැපක් කොහෙද දුකක් මිසක්" ඉතින් මේ හීනවූ, ග්‍රාම්‍ය වූ , පෘථක්ජනවූ , අනාර්‍යවූ අයටත් තේරෙන දුකක් ගැන කියන්නද බුදුපියාණන්වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවේ ?..


අනික මේ "දුක" සූත්‍රයේ තිබ්බ පලියට .. පොතේ තිබ්බ පලියට.. කටපාඩම් කරගත්ත පලියට... අපිට ඒ බුදුපියාණන් පෙන්නා දුන් "දුක පිළිබඳ ඥාණය (දුක්ඛේ ඥාණං), දුක ඇතිවීම පිළිබඳ ඥාණය (දුක්ඛ සමුදය ඥාණං), දුක නැති කිරීම පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධ ඥාණං), දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ඥාණං)" ලැබෙනවාද..
සාවධානයෙන් මේ වටිනා දහම් දෙසුමට සවන් දෙමු... ගැටය ලෙහා ගමු.

Tissa Mahima Senanayake මේ ධර්ම දේශනාවේ කියවෙනවා 'ඇත' යන්නත් 'නැත' යන්නත් අන්ත බැවින් යමක ස්ථිරද නැද්ද යන වග සොයන්න එපා කියා . නමුත් ඒ සමගම හරයක් ඇත්ද නැතිද යන්න සොයා බලන්න කියයි. ඉතින් හරයක් ඇත්ද නැතිද යන වග අන්ත වලට අසු නොවන්නේ කෙසේද?

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma @Tissa
ඔබට පැටලිලා තියෙන්නේ. ඔබ දක්වු අදහසක් මෙම ධර්ම දේශනාවේ නැහැ. ඔබ දක්වා පෙන්වා තියෙන්නේ තැන් තැන් වලින් එකතු කරපු අදහස් වල කොටස්. (සමහර විට මෙය අසන අවස්තාවේ නින්ද යන්න ඇති .


Tissa Mahima Senanayake ජීවිතය යනු මුලාවකි. එම මුලාවෙන් නිදහස් වූ රහතුන් ජිවත් වන්නේ නැත. ඔවුන් මරණයෙන්ද නිදහස් බැවින් ජිවිතයේ හරයක් හරයක් නැතයි කියා මරණයට සුදානම් නැත.
ගිහි සැප සහ කෙලෙස් නිවනට බාදාවක් යයි සිතන පෘත ජනයෝ ගිහි සැප අත හැර දමා තපසට යති. කෙලෙස් සහිත වූ සෝවාන් මාර්ග පල ලාභියා අඩුවකින් තොරවම ගිහි සැප විදිති.

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma @Tissa
මට ඔබතුමා පැටලිලා තියෙන තැනත් හොයා ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා පැහැදිලි පිලිතුරක් දෙන්න බැහැ. අර මෛත්‍රි බුදුන් කියා හිතන් ඉන්න අංකල්ගෙත් තියෙන්නේ ඔය වගේ අදහස්.


Tissa Mahima Senanayake මේ දේසනාවේ කියනවා රහතන් වහන්සේලා ජීවිතය හරයක් නැති බව දන්නා නිසා ඕනෑම විටක මරණයට සුදානම් කියල. මම කියන්නේ ජීවිතය මරණය යනු මුලාවක් විතරයි. සත්‍ය නොවෙයි. ඉතින් රහතන් වහන්සේලා ජිවිතයෙන් සහ මරණයෙන් නිදහස් වෙලයි ඉන්නේ. එකයි මම කිවුවේ රහතන් වහන්සේලා ජිවත් වෙන්නේත් නැහැ මැරෙන්නෙත් නැහැ කියල. එක මගේ අදහසක් නොවෙයි. එක සත්‍ය නොවෙයි ද?


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma @Tissa
<< මම කියන්නේ ජීවිතය මරණය යනු මුලාවක් විතරයි. සත්‍ය නොවෙයි. ඉතින් රහතන් වහන්සේලා ජිවිතයෙන් සහ මරණයෙන් නිදහස් වෙලයි ඉන්නේ. එකයි මම කිවුවේ රහතන් වහන්සේලා ජිවත් වෙන්නේත් නැහැ මැරෙන්නෙත් නැහැ කියල. එක මගේ අදහසක් නොවෙයි. එක සත්‍ය නොවෙයි ද?>>

නැහැ මේක සත්‍ය නෙමෙයි. මේවා ඔබේ අදහස් නෙමෙයි නම් කාගෙද මේ අදහස් ?


Tissa Mahima Senanayake එක මගේ අදහසක් නොවෙයි, දැකීමක්. මම දකිනවා රහතුන් වැඩ සිටින තැන. කාලයෙන් නිදහස් වූ තැන ජිවත් වීමක් තිබෙන්නේ කෙසේද?


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma ඔබ ප්‍රකාශ කරන දේවල් මේ කිසිම දේශනාවකට අදාල වන දේවල් නෙමෙයි.


haaminda Wijekoon තිස්ස මහතානනි, ඔබගේ මුල් ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් දීමට‍ය් මගේ මේ උත්සාහය.

අපගේ අභ්යන්තරයේ යථා ස්වභාවය දැකීම හෙවත් ධර්මය දැකීම යනු ප්‍රඥා ඇසින් අප දෙසම හැරී බැලීමේ ආර්ය පර්යෙශනයය්. එසේ නොකොට අපට හුරු පුරුදු සංකල්ප තුලින් ධර්මයේ පෙන්නුම් කරන දේවල් විග්‍රහ කිරීම මගින් ඒවා තේරුම් ගැනීමට ගියහොත් නිතැතින්ම අප වැටෙන්නේ කිසිදාක දෙහි රස නොබලා දෙහි රස ගැන විශ්ලේශනයක යෙදෙන අයෙකුගේ තත්වයටය්.

මෙතැන සාරවත් කියා ගත හැකි දෙයක් ඇතිද නැතිද කියා විමසන්නේ අප ආස්වාදය කියා හන්දුන්වන දෙයෙහිය. මෙම ප්‍රශ්නයට පිලිතුර අපට නුවනින් විමසා දැකගත හැකිය. හරයක් ඇතිද නැතිද යන වග අන්ත වලට හසු නොවන්නේ ඒ නිසය්. හුදු සංකල්ප විශ්ලේශනයක යෙදුනහොත් මෙය වුවද අන්තයකට හරවාගත හැකිය.

ආස්වාදය සැපක්ද දුකක්ද ආදී වශයෙන් විනිවිද බැලීමක යෙදීම තුලින් ආස්වදයෙහි යථා ස්වභාවය සොයා ගනීමට මෙම කමටහන අපට උපකාර වේ.

You may find a further analysis here http://www.facebook.com/topic.php?uid=96512720994&topic=9760


Tissa Mahima Senanayake thanksChaminda ඔබේ විග්‍රහයට. අපගේ පර්යේෂණය වියයුත්තේ ආස්වාදය සැපක්ද දුකක්ද ආදී වශයෙන් විනිවිද බැලීමද නැතිනම් ජාති ජරා වියදී සහ මරණ වලට හේතුව සෙවීමද?

ලෝකය තුල හරයක් තිබේද නැද්ද යන බව සෙවීමට ලෝකයක් තිබේද? මම නම් ලෝකයක් නැති බව ඉන්ද්‍රියන් ඉක්මවා දුටුවෙමි. ඔබ තවමත් හරයක් තිබේදැයි සොයන්නේ ඉන්ද්‍රියන් තුලින් දකින ලෝකයේද?


Chaaminda Wijekoon තිස්ස මහතානෙනි, ඔබගේ පැනය ඉතාමත්ම වැදගත් එකකි. මා ඉදිරිපත් කරන මේ අදහස "අපක්ශපාතීව" විමසා බලන් මෙන් ඇරයුම් කරමි.

ජරා මරණ යනාදිය රහතුන්ටද පැමිණේ. එනමුත් දුක් නැති කර අති බැවින් එම ලෝක ස්වභාවයන් නිසා ඔවුන් තුල චිත්ත පීඩා අති නොවේ. ආර්ය පර්යේශනයක යෙදෙන අපගේ අරමුන විය යුත්තේ ලෝක ස්වභාවයන් හමුවේ නොසෙල්වෙන රහතුන්ගේ මානසිකත්වය උදාකර ගැනීමය්. එසේ නොමතිව අජරාමර ආත්ම භාවයක් සෙවීම නොවේ.

ජරා මරණ ආදිය නැති කල නොහැක. එනමුත්, ඒවායින් අසහනයට පත්වෙන සුලු චිත්ත ස්වභාවය නැති කල හැක. එමනිසා සෙවිය යුත්තේ ජරා, ව්යාදි, සහ මරණ වලට හේතුව නොව ඒවායින් අපට චිත්ත පීඩා ඇති වීමට හේතුවය්. මෙම දේශනයට විමර්ශනාත්මකව හා අපක්ශපාතීව සවන් දුනහොත් එය පැහදිලි වනු අත.

ඇලීම අති තැන ආස්වාදයක් ඇත. ජරා මරන ආදිය දුක් වන්නේ ජීවත් වීම යය් කියා අප වින්දිමින් සිටින ආස්වදයට බාධාවක් ඇතිවන බැවිනි. හරයක් අත්ත්දැය් සෙවිය යුත්තේ එම ආස්වදයෙහිය. එයට හේතුව එහි හරයක් නැති බව දැකීම තුලින් අපගේ අවිද්යාව දුරුවී නිරායාසයෙන්ම අප ආස්වාදයට බැන්ද තබන බන්ධනයන්ගෙන් නිදහස් වන බැවිනි.


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma ජරා මරණ යනාදිය රහතන් වහන්සේට පැමිනෙන්නේ පෙර අවිද්‍යාවෙන් හොදයි, සාරයි කියා ගොඩ නගා ගත්ත කයටයි. ඒ තමයි උන්වහන්සේගේ අන්තිම දුක.

නමුත් උන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු දෙවියන් සහිත, බඹුන් සහිත, මාරයන් සහිත මේ තුන් ලෝකයේම උන් වහන්සේව පනවන්න තැනක් නැහැ.

Tissa Mahima Senanayake එක තමයි මම කියන්නේ ජාති ජරා වියාධි මරණ වලින් නිදහස් වෙන මාර්ගය තියෙන්නේ බුද්ධ සසනයක විතරයි කියල. බුද්ධ සාසනයෙන් පිටත කිසි කෙනෙක් ජාති ජරා වියාධි මරණ වලින් නිදහස් වීමක් නොදකින බැවින් ඔවුන් "ජරා මරණ ආදිය නැති කල නොහැක" යයි දේශනා කරයි.

about 9 months ago · Report

Tissa Mahima Senanayake
Please join with discussion to reveal the truth.
about 9 months ago · Report

Dilupa Wickramasinghe
මටනම් ඒ ගෑන හිතෙන්නේ මෙහෙමයි. අපේ අතේ අසුචී ගොඩක් ගෑවුනවිට එය වහා ඉවත්කරනොදමා ඒගෑන විමර්ශනාත්මක ඈසක් ඈතිකරගෙන දෑඩි දුර්ඝන්දයද හමුවේ නොනවතින විමර්ශනයක යෙදෙන අයුරුයි.මෙය ලියු මාද තවමත් එසේම යෑයි විටෙක සිතේ.
about 9 months ago · Report

Dilupa Wickramasinghe
Then the question is what to remove or who is going to remove.When try to remove we find there is no "I" to do so.But still death exist.Whole world is created due to "I".No ones here to help but from the sensed world 'I" have buddha and Buddha also can't help us.What do you see here Dr.Tissa
about 9 months ago · Report

Tissa Mahima Senanayake
බෞද්ධයෝ එක කොටසක් බුදුන් වහන්සේට මරණය පටවති. තව කොටසක් රහතන් වහන්සේලාට ජාති ජරා වියාධි පටවති.
about 8 months ago · Report

Tissa Mahima Senanayake
Chaaminda Wijekoonමගේ ගුරුවරයා බුදුන් වහන්සේය.
ඔබගේ ප්‍රශ්නය මට පැහැදිලි නැත. ලෝකය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? අපට බැලූ බැල්මට සන්තතික හා ස්ථිර සේ පෙනෙන්නට ඇති දෑ සම්මුතියෙන් අපි ලෝකය ලෙස හන්දුන්වමු. එනිසා සම්මුත්ති වශයෙන් ගත් කළ ලෝකයක් ඇත. සැබැවින්ම ලෝකය යනු මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින ප්‍රවාහයක් වුවද, ප්‍රායෝගිකව එදිනෙදා කටයුතු කිරීමේදී සන්නිවේදන පහසුව තකා සම්මුතියෙන් අප විසින් ලෝකයක් ඇතය් සලකා කටයුතු කරනු ලැබේ.

අප විසින් ලෝකය තමන් කැමති සේ පවත්වා ගැනීමේ උත්සාහයක යෙදෙන්නේ එය ඵල රහිත ක්‍රියාවක් බව හරිහැටි නොදකින නිසාය.

මේ අනුව ඔබ ලෝකය පිලි නොගන්නේය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැය් කරුණාකර පහදා දෙන්න. නිවන තිබෙන්නේ ලෝකයෙන් එතෙරය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සම්මුති ලෝකයේ යථා ස්වභාවය හරිහැටි දුටු විට අප තුල ඇති වන ලෝභ, ද්වේශ, හා මෝහ යන ගිනි වල නිවීම නිවනය්. ඒ හැර වෙනත් නිවනක් තිබේද

about 8 months ago · Report

Tissa Mahima Senanayake
බුදුන් වහන්සේ ගුරුවරයෙක් නොවෙයි. ගුරුවරයා ධර්මය උගන්වයි. බුදුවරයෙක් ධර්මය උගන්වන්නේ නැත. බුදුන් ලෝකයේ වැඩ නොවසන බැවින් බුද්ධ වචනය බාහිරෙන් දාගන්නට නොහැකිය.
ඔවු සම්මුති වශයෙන් ගත කල ලෝකයක් ඇත. නමුත් සම්මුතිය සත්‍ය නොවෙයි නේද? ඉතින් සතය් නොවන ලෝකයේ පැවැත්මක් ගැන සොයන්නේ මුලාවට පත් වුවන් නොවද? "අප විසින් ලෝකය තමන් කැමති සේ පවත්වා ගැනීමේ උත්සාහයක යෙදෙන්නේ එය ඵල රහිත ක්‍රියාවක් බව හරිහැටි නොදකින නිසාය" යයි ඔබ කියයි. මමද ඔබගේ අදහසට එකග වෙමි. නමුත් ඔබ මෙසේද කියයි. "අපගේ ඉන්ද්‍රියයන් හයට හසු වන කිසිවක "සාරවත් යැය් ගත හැකි" හෙවත් අප විසින් කැමති විය යුතු කිසිවක් නැති ස්වභාවයය්. මෙම නිසරු බව පැහදිලිව දකින්නා එම නිසරු දෙයට ඇලීම ඇති කරවන අවිද්යාවෙන් මිදීමට උත්සාහ ගනී."

සම්මුතියෙන් සාදා ගත් ලෝකයේ නිසරු බව සොයන්නේ ඇයි? අපගේ දැකීම විය යුත්තේ ලෝකයේ නිසරු බව ද නැතිනම් ලෝකයක් නැති බවද? ලෝකයක් නැති බව දුටු කෙනෙක් එහි සරු නිසරු බව සොයනවද? එම සෙවීම විහිළුවක් නොවේද?
මම ලෝකය පිළිගන්නේ වත් පිලි නොගන්නෙවත් නැත. එම දෙකම අන්ත වෙයි. මම ලෝකය දුටුවෙමි. ලෝකය දැක ලෝකයෙන් එතෙර වූවෙමි. ජරා මරණ තිබෙන්නේ සම්මුතියෙන් සාදා ගත් ලෝකය තුල නොවේද? ලෝකයෙන් එතෙර වූ පසු තව දුරටත් උප්පත්තිය සහ මරණය තිබේද? ජිවත් වීමක් තිබේද? ලෝභ, ද්වේශ, හා මෝහ යන ගිනි වල නිවීම ආයාසයකින් තොරවම සිදු වෙයි. ඇයි? ඔබ පුද්ගල දෘෂ්ඨිය නිසා ලෝභ, ද්වේශ, හා මෝහ යන ගිනි වල නිවීම වලට අයිතිය කියයි. ලෝකයෙන් එතෙර වූ පසු ලෝභ, ද්වේශ, හා මෝහ යන ගිනි වලට අයිති කාරයෙක් නැත. පුත්ගල දෘෂ්ඨියෙන් නිදහස් සෝවාන් පල ලාභියා ලෝභ, ද්වේශ, හා මෝහ යන ගිනි නිවීම ට කිසිම වෙහෙසක් ගන්නේ නැත.

මෙම සටහන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් විසින් කපා දමන ලදී.)

about 8 months ago · Report


0 comments:

Post a Comment