Pages

Wednesday, July 27, 2011

Topic: ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma සමග කරන ලද සාකච්චාවක කොටසකි.


මෙහි පහත දැක්වෙන්නේ මම 'ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma'

සමග කරන ලද සාකච්චාවක කොටසකි. මගේ සටහන් ඔවුන් විසින් කපා දමන බැවින් තව දුරටත් සාකච්චාව ඉදිරියට ගෙන ය නොහැක. සත්‍ය සෙවීමට කැමති ය වෙනුවෙන් මෙහි එම සටහන තබමි.

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma කුමන අර්ථයෙන්ද අනිච්ඡ කියන්නෙ?

බුද්ධ දේශණාවේ මෙහෙම තියෙනවා, "ලෝකය අනිච්ඡ සේ දකින්නෙ අනුලෝමක්‍ෂාන්තියට පත්වන්නේය, නිවන නිච්ඡ සේ දකින්නේ සම්‍යත්ත නියාමයට බස්නේය. සම්‍යත්ත නියාමයට පත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් වන්නේමය. අනුලෝමක්‍ෂාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ත නියාමයට බස්නේය යන්න සිදු නොවන්නකි. සම්‍යත්ත නියාමයට නොපත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් නොවන්නේය".

Tissa Mahima Senanayake ඔබගේ ගුරුවරයා අනිච්ච ලෙස හදුන්වන්නේ කුමක්ද ? පැහැදිලි කරන්න.

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma @Tissa
බුදුරජාණන් වහන්සේ දේශනා කල එක් ආකාරයක් තමයි මෙතන තිබෙන්නේ. ඔබ අසන ප්‍රශ්න වලින් පෙනි යන්නෙ ඔබගේ ඥාණයේ අඩුපාඩුවක් නිසා හෝ රෝගයක් නිසා හෝ මෙය වැටහි නැති බවයි.

නොඑසේ නම් අනිච්ඡ ගැන සදහන් විස්තරය අසා කුමක්ද අනිච්ච ලෙස හදුන්වන්නේ කියා අසන්නේ නැත.

Tissa Mahima Senanayake Sorry my dear. I have not enough signal (internet) to listen to it. just I need the meaning of the අනිච්ච.
අනිච්ච යන්නෙහි තේරුම 'තමන් කැමති සේ නැත' යනුවෙන් ලියා තිබෙනු මම දැක ඈත. එය හරිද?

Chaaminda Wijekoon මට වැටහෙන ආකාරයට මෙම දේශනාවේ අනිච්ඡ යනුවෙන් හන්දුන්වන්නේ අපගේ ඉන්ද්‍රියයන් හයට හසු වන කිසිවක "සාරවත් යැය් ගත හැකි" හෙවත් අප විසින් කැමති විය යුතු කිසිවක් නැති ස්වභාවයය්. මෙම නිසරු බව පැහදිලිව දකින්නා එම නිසරු දෙයට ඇලීම ඇති කරවන අවිද්යාවෙන් මිදීමට උත්සාහ ගනී.

"තමන් කැමති සේ නැති" දෙය අනිච්ඡ යැය් ගත හැකිද? එසේනම්, සියල්ල අනිච්ඡ බැවින් තමන් කැමති සේ ඇති දේවල් කිසිවක් තිබිය නොහැකිය් නේද?

ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - A Tiny Drop of Sri Saddhamma@Chaaminda
<<"තමන් කැමති සේ නැති" දෙය අනිච්ඡ යැය් ගත හැකිද? එසේනම්, සියල්ල අනිච්ඡ බැවින් තමන් කැමති සේ ඇති දේවල් කිසිවක් තිබිය නොහැකිය් නේද?>>

මේ ලෝකයේ සියලුම දේවල් වල ඉස්තිර නැති ස්භාවයක් තිබෙනවා. ඒ නිසාම ලෝක සත්වයා ගෙවිලා වැනසිලා යන දේවල් තමන් කැමති සේ පවත්වා ගන්න උත්සාහයක යෙදෙනවා.

ලෝක ඉපදුන දා සිට මියයන තුරුත් උත්සාහ දරන්නේ තමන් කැමති ඉෂ්ඨ, ප්‍රිය අරමුනු සහිත ලෝකයක පැවැත්මක්.

නමුත් අනන්ත සංසාරයේ සිට එන අපිට කවදා හෝ දවසක ඉෂ්ඨ, ප්‍රිය අරමුනු සහිත ලෝකයක් අපි කැමති සේ පවත්වා ගන්න හැකි වුනා නම් අපි තාමත් ඉන්නේ එතන. ඒ ස්භාවයන් රැක ගෙනම ඉන්නවා. නමුත් ඒ සියල්ලත් ගෙවිලා වැනසිලා අපි අද මෙතන ඉන්නවා. මේක තමයි ලෝක ධර්මතාවය.

එසේ නම් අපිට මතුයම් දවසක හෝ ඉෂ්ඨ, ප්‍රිය අරමුනු සහිත ලෝකයක් අපි කැමති සේ පවත්වා ගන්න හේතු තිබෙනවාද?

එසේ නම් මිදීම හැර නොඇල්ම හැර වෙන ගන්න ඥාණවන්ත තිරනයක් තිබෙනවාද?

Tissa Mahima Senanayake
මගේ සටහන් මකා නොදමා පිළිතුරක් දීම ගැන ස්තුතියි. ඔබේ සාමාජික යන්ගේ සුබසෙත සදහා එක කරුණක් ගැන මුලින් සාකච්චා කරමු. ඔබ මෙසේ කියයි.

"මේ ලෝකයේ සියලුම දේවල් වල ඉස්තිර නැති ස්භාවයක් තිබෙනවා. ඒ නිසාම ලෝක සත්වයා ගෙවිලා වැනසිලා යන දේවල් තමන් කැමති සේ පවත්වා ගන්න උත්සාහයක යෙදෙනවා."

මම ලෝකය මායාවක් බව දැක එම ලෝකයෙන් නිදහස් වුයෙමි. නමුත් ඔබත් ඔබේ ගුරුවරයාත් ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ගෙවිලා වැනසිලා යන දේවල් ගැන කතා කරයි. එම දේවල් තමන් කැමති සේ පවත්වා ගන්න උත්සාහයක යෙදෙන බවත් කියයි. මගේ ප්‍රශ්නය නම් ඔබත් ඔබේ ගුරුවරයාත් ලෝකය පිළිගන්නේ නම් එම පිළිගත් ලෝකයෙන් නිදහස් වන්නේ කවදාද? ලෝකය පිළිගත් පසු එයින් නිදහස් වන්නේ කෙසේද?

නිවන තිබෙන්නේ ලෝකයෙන් එතෙර නොවද?
මෙම සටහන ඔවුන් විසින් කපා දමන ලදී.
about 9 months ago · 
 · Report · Delete Post


0 comments:

Post a Comment