Pages

Wednesday, July 27, 2011

  • පෙර වදන-‘ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ’



    මෙහි දැක්වෙන්නේ ‘ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ’ නැමති කෘතියේ (දෙවන මුද‍්‍රණය) පෙර වදනයි.

    කුඩා කල සිට දෙමව්පිය වැඩිහිටි ආදී ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් ධර්මයක් ඔබ තුල ඇත. අවබෝධය හෙවත් දැනුම ලෙස හදුන්වන්නේ මෙම ධර්මයයි. සිදුහත් කුමාරයා ලග ද මේ ආකාරයට අනුන්ගෙන් අසා දැනගත් ධර්මයක් තිබුණි. සැප සම්පත් වලින් අනූන වූ ජීවිතයක් සිදුහත් කුමාරයා ගත කල ද තමන් ජාති ජරා ව්‍යාධි මරණ (සතර අපාය) වලින් නිදහස් වී නැති බව ඔහු දුටුවේ ය. ඔහු කැලයට ගියේ ජාති ජරා ව්‍යාධි සහ මරණ වලින් තොර වූ ජීවිතයක් සොයාගෙන ය. මෙම සතර අපාය ඇත්තේ අනුන්ගෙන් ඉගෙන පිළිගත්, එනම් තමන්ගේ චින්තනය තුල බව එතුමා දුටුවේ ය. එම දැකීමත් සමග මොහොතක පමාවකින් තොරව චින්තනයෙන් නිදහස් වී සතර අපායෙන් නිදහස් විය.
    ගෞතම බුද්ධ සාසනය අවුරුදු දෙදහස් පන්සියයකට පමණ පසු විලෝපනය වී මෛත‍්‍රී බුද්ධ සාසනය පහළ විය. ජාති ජරා ව්‍යාධි සහ මරණ වලින් නිදහස් වන්නාවූ මාර්ගය ඇත්තේ මෙම මෛත‍්‍රී බුද්ධ ශාසනයෙහි පමණි. මෛත‍්‍රී බුද්ධ සාසනයෙන් පිටත ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වන්නා වූ ධර්මයක් දේශණා කරන්නනො නැත. මම එය පැහැදිලිවම කියමි. එය මගේ අභියෝගයකි. මෛත‍්‍රී බුද්ධ සාසනයේ ඇති ආශ්චර්යය නම් මෙම ශාසනය තුල බාහිර බුදු කෙනෙක් නැති වීමයි. නමුත් එක් දෙයක් මට පැහැදිලිවම කිව යුතුව ඇත. මෙම ශාසනය ආරම්භ වූයේ මගේ කල්‍යාණ මිත‍්‍ර බුද්ධ සිරිවර්ධන ලොකුගේ මැති තුමා දේශනා කල ධර්මයෙනි. එතුමා දේශණා කල ධර්මය නො අසා මෙම වර්ථමාන යේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූවෙක් නැත. මෙය ද මගේ අභියෝගයකි. එතුමා මගේ බුදුන් මිස මගේ ගුරු නොවෙයි. මම එතුමා දේශනා කල කිසිම ධර්මයක් පිළිගත්තේ ද නැත, අනුගමනය කලේ ද නැත. නමුත් මම එම ධර්මය අසා සත්‍ය දුටුවෙමි.

    ලෝකයෙන් එතෙර වූවෝ ලෝකය තුල යම් සාර ධර්මයක් ඇත් ද එයට ගරු කරන්නෝ ය. යමෙක් තම කල්‍යාණ මිත‍්‍රයකුගෙන් ධර්මය අසා යම් ඵලයකට පැමිණියේ ද එම ඵලය සක්විත් රජ කමටද වඩා උතුම් බව දන්නේ ය. බුදුන්ගේ ධර්මය අසා සත්‍ය දුටු යමෙක් ඇත් ද එවැනි වූ සත්‍ය දුටු අයෙක් කිසියම් හෝ හේතුවක් නිසා බුදුන්ට පිටු පාන්නේ නැත. බුදුන්ගේ ධර්මය අසා යම් කෙනෙක් බුදුන් ට පිටු පාන්නේ නම් ඔහු හෝ ඇය සත්‍ය දැක ලෝකයෙන් නිදහස් වූ අයෙක් නොවන බව මම පැහැදිළිව කියමි. මම මෙම අභියෝගය ද භාර ගැනීමට කැමැත්තෙමි.

    මෙම කෘතියෙහි මම යම් ධර්මයක් විස්තර කර ඇත් ද එය ද ලෞකික ධර්මයකි. ලෝකෝත්තර ධර්මයක් ලිවීමට හෝ දේශණා කිරීමට නොහැකි ය. ලෞකික ධර්ම සහ ලොකෝත්තර ධර්ම තෝරා බේරා වෙන්කර ගැනීම ඔබ සතු කාර්යයකි. ඔබ තුල මෙතෙක් කල් ගුරුවරුන්ගෙන් අසා දැනගත් යම් ධර්මයක් ඇත. ජාති ජරා ව්‍යාධි ඇත්තේ ද එම ධර්ම තුලයි. ඒ අනුව ගුරුවරයකුගෙන් ධර්ම ඉගෙන ගන්නා ඔබ තුල ඇත්තේ මරණය කරා යන මාර්ගයකි. එය තව තවත් දැනුම එකතු කරගන්නා මාර්ගයකි. බුදු කෙනෙක් ධර්ම කියාදෙන්නේ ඔබ මෙතෙක් ඉගෙන ගත් ධර්ම වලින් නිදහස් වීමටයි. ගුරු මාර්ගයේත් බුදු මාර්ගයේත් ඇති වෙනස එයයි. නමුත් මෙම ගුරු සහ බුදු ඔබෙන් භාහිර නැත. බුදු සහ ගුරු ද ඔබ තුලම ඇති ධර්ම වෙයි. ඔබ යම් ධර්මයක් ශ‍්‍රවනය කරන විට දර්මය තව තවත් එකතු කරන්නේ නම් එම ධර්ම ධාරණය කරන්නේ නම් අනුගමනය කරන්නේ නම් එය ගුරු ධර්මයකි. එය ඔබ මරණය කරා ගමන් කරවන මාර්ගයකි. ඔබ යම් ධර්මයක් ශ‍්‍රවනය කරන විට ඔබ තුල මෙතෙක් තැන්පත් වී තිබූ ධර්මය ක්‍ෂය වන්නේ නම් සහ එතැන ධාරණය කිරීමක් හෝ අනුගමනය කිරීමක් නැති නම් එය බුද්ධ ධර්මයයකි. එවැනි වූ ධර්මයක් අසන ඔබ මරණයෙන් නිදහස් වූ නිවන කරා යන්නෙකි.

    මගේ ලිපි පෙලින් පෙන්වාදී ඇති ධර්මය ද ධර්ම වලින් නිදහස් වීම සදහා මිස ධාරණය කරගැනීම සදහා නොවෙයි. බුදු සහ ගුරු වෙන් කර ගන්නා තෙක් අධ්‍යාත්මික ගුරුවරු ද මෙම ධර්මය ම දේශණා කරන්නේ යයි ඔබ නිගමනයකට බසියි. සත්‍යයේ මාර්ගයට වැටෙන්නේ බුදුන් සහ ගුරුන් වෙන් කර හදුනා ගත් අයෙක් පමණි.

    ඔබ ද මෛත‍්‍රි බුද්ධ ශාසනයෙහි පහළ වූ සත් ධර්මය ශ‍්‍රවනය කර ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වන බව පැහැදිළිවම මම දනිමි.

    ගාල්ලේ වදුරඹ අස්වැස්දුව සමස්ථ ලංකා ශී‍්‍ර සුමේධ ආයතනයට පැමිණ ඔබට බුද්ධ සිරිවර්ධන මැති තුමාගේ ධර්ම දේශණ වලට සවන් දිය හැකි ය. ටෙලිපෝන්: 0914901205
    ආචාර්ය තිස්ස සේනානායක

    Dr Tissa senanayake
    Lecturer
    Department Mathematics and computing
    The University of Goroka
    P.O. Box 1078
    Goroka
    Eastern Highland province
    Papua New Guinea. 


0 comments:

Post a Comment