Pages

Wednesday, July 27, 2011

Topic: ආණි සූත්‍රය


  • මෙම ආණි සූත‍්‍රය නිමේශ් යන අයගේ සටහනකින් අපුටා ගත්තකි

    ආණි සූත්‍රය

    නිධාන කථාව: මහණෙනි, පෙර වූවක් කියමි. (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ නම්වූ ක්ෂත්‍රියයන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැලුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක් හි ආණක මිහිඟු බෙරයේ පැරණි බෙරකඳ අතුරුදහන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේමය.

    මහණෙනි, එසෙයින් ම මතුකාලයෙහි භික්ෂූහු වන්නාහ, (ඔහු ) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොව්තුරා අරුත් දක්වන ශූන්‍යතාධර්මය පවසන යම් සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි. පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යංජන ඇති සස්නෙහි පිටත්හු වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යිද හඟින්නාහ. මහණෙනි මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශූන්‍යතා ධර්මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේය.

    මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොව්තුරා අරුත් දැක්වෙන ශූන්‍යතා ධර්මය පැවසෙන යම් සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නේමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම උගත යුතුය යි පිරිවැහිය යුතුය යි සිතන්නෙමු'යි. මහණෙනි තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.


    මෙම සටහන තැබූ නිමේශ්ට මෙම ජීවිත කාලය තුලදීම නිවන් සුව අත්වේවා. මෙය එතරම් ම වටිනා සූත‍්‍රයකි. බුදු කෙනෙක් පමණක් දේශණා කරන ලෝකෝත්තර ධර්මය කාලයාගේ ඇවෑමෙන් විලෝපනය වන්නේ ය. විසිතුරු අකුරු ඇති විසිතුරු ව්‍යාංජන ඇති ලෞකික ධර්මයක් පමනක් ඉතිරි වන්නේ ය. එම ධර්මය දේශනා කරන කල්හී අසනු කැමති වන්නා හ. කන් යොමු කරන්නා හ. නමුත් උප්පත්තියෙන් සහ මරණයෙන් එතෙර නොවන්නා හ.

    සූත‍්‍රයේ දැක්වෙන පරිදි කාලයාගේ ඇවෑමෙන් වර්ථමානයේ දී බුද්ධ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලෝකෝත්තර ශූන්‍යතා ධර්මය දේශණා කරන කල්හි එම ධර්මය අසනු කැමති නොවන්නා හ. කන් යොමු නොකරන්නා හ. මෙවැනි වූ ලෝකෝත්තර ධර්මයක් දේශනා කරන විට එම ධර්මය දේශණා කරන උතුමන්ට ශ‍්‍රී සද්ධර්මය විකෘති කරමින් අශූචි විසුරුවන්නේ යයි චෝදනා කරන්නාහ.

    බුද්ධ සාසනය ක් තුල පමණක් දේශනා කරන ලෝකෝත්තර වූ ශූන්‍යතා ධර්මය යම් අයෙකුට දකින්නට අපහසු බව මම දනිමි. නමුත් මෙම ධර්ම වෙන් කර හදුනා ගැනීමට ඔබට හැකි වන සේ සෑම සූත‍්‍රයකම අතීත කථාවක් ද ඇතුලත් කර ඇත. ලෝකෝත්තර වූ ශූන්‍යතා ධර්මයක් පමණක් දේශණා කරන බුදුන් ලෝකය තුල වූ ධර්මයක් දේශණා නොකරන්නේ ය. එම අතීත කථාව තමන් තුලම සිදු වන්නා වූ කථාන්දරයයි.

    වර්ථමානයේ ලෝකෝත්තර ශූන්‍යතා ධර්මයක් දේශණා කරන යමෙක් වෙයි ද ඔහු හෝ ඇය ට මෙම සූත‍්‍රය ආරමිභයේ දී ආණක නම් බෙරය සමිබන්යෙන් විස්තර කර ඇති ධර්මය තෝරා දෙන්නේ ය. යමෙක් වර්ථමානයේ විසිතුරු අකුරු ඇති විසිතුරු ව්‍යාංජන ඇති සසුනෙන් පිටත වූ ලෞකික ධර්මයක් දේශණා කරන්නේ ද ඔහුට හෝ ඇයට අතීත නිධාන කථාව තෝරා දිය නොහැක්කේ ය. බෙරකද අතැරුදහන් වී ඇණහැකිල්ලම ඉතිරී වූ කල මෙය සිදු වන්නේ ය.

    මෛත‍්‍රි බුද්ධ සාසනය තුල පහළ වූ ලෝකෝත්තර ධර්මය තුලින් මෙම අතීත නිධාන කථාව තෝරා දෙන්නේ ය. මෛත‍්‍රි බුද්ධ සාසනයෙන් පිටත මෙම අතීත නිධාන කථාව තෝරා දිය හැකි යමෙක් වෙත් ද? හැකි නම් තෝරා දෙන්න.
    about 11 months ago · 
     · Report · Delete Post
  • @ Nimesh, thank you so much for uploading this doc's. I had suspicious of why people are not willing to listen to SATHDARMAYA. after reading this doc that suspicious also gone off.

    for your info NImesh,,, whether you like it or not rather agree or not which is it exactly happing @ Wanduramba - Gall -
    about 11 months ago · 
     · Report · Delete Post
  • වර්ථමානයේ ලෝකෝත්තර ශූන්‍යතා ධර්මයක් දේශණා කරන යමෙක් වෙයි ද ඔහු හෝ ඇය මෙම සූත‍්‍රය ආරමිභයේ දී ආණක නම් බෙරය සමිබන්යෙන් විස්තර කර ඇති ධර්මය තෝරා දෙන්නේ ය. (please remove 'ට' from the original comment.)
    about 11 months ago · 
     · Report · Delete Post
  • බෙරකද අතැරුදහන් වී ඇණහැකිල්ලම ඉතිරී වූ කල ලෝකෝත්තර ධර්මය අතුරු දහන් වන්නේය. ලෞකික ධර්මයට බුදු දහම යයි රැවටෙන ඔවුහු වර්තමානයේ පහල වූ මෛත්‍රීය බුදුන් ට එරෙහි වන්නේය. 
    about 11 months ago · 
     · Report · Delete Post
  • පාංශුකූල චීවරය යනු මගධක්ශේත්‍රයේ කුඹුරු වල නියරවල් පිහිටි අකාරයට මසා සකස්කල සිවුරු යයි පවසා, මළමිනී ඔතන ලද රෙදි කැබලි වල නොදිරූ නොඉරුනු කොටස් ගෙන, පිරිසිදු කර පඬු පොවා සකස් කර ගත් ගව්තම බුදුන් ගේ නියම පාංශුකූල චීවරයේ ඇති වටිනාකම අවතක්සේරු කල, නිකාය, යාන වලට බෙදුනු, වර්තමාන භික්ශූත්වය මුලින් තිබූ බෙරකද අතැරුදහන් වී ඉතිරිවූ ඇණහැකිල්ලම මිස අන් කුමක්ද?
    about 11 months ago · 
     · Report · Delete Post
  • Great article which presenting today realistic situation as it is
    about 10 months ago · 
     · Report · Delete Post
  • Post deleted
    about 10 months ago
  • TO Nimesh පළමුව කිව යුත්තේ මෛත්‍රිය බුද්ධ සාසනයේ කිසිවෙක් කිසිම දර්මයක් තබා බුදුන් වහන්සේ ගේ ධර්මයවත් පිලි නොගන්න බවයි. සසර සැරි සැරීමට හේතුව ධර්මය හෙවත් ඇනහැකිල්ල බව මේ අය දැක ඇත. මෛත්‍රිය බුද්ධ සාසනයේ ශ්‍රාවකයා ඇනය ගලවා ඇනහැකිල්ල ඉවත් කර බෙර කඳ ම දකින්නෝය. ඔබත් ඇතුළු අනෙක් ඈයෝ ඇනහැකිල්ල තුලින්ම සත්‍ය සොයන්නෝය. මෛත්‍රිය බුද්ධ සාසනයෙන් පිටත සිටින්නෝ සුත්‍ර දේශනා පිළිගනිති. මෛත්‍රිය බුද්ධ සාසනය තුල සිටින්නෝ සුත්‍ර දේශනා නොපිළිගනිති. නමුත් එතුමන්ලා සුත්‍ර දේශනා දකිති.

    ආණි සුත්‍රයේ නිධාන කතාව විවුර්ත කල හැකි යමෙක් මෛත්‍රිය බුද්ධ සාසනයෙන් පිටත නැත. එය මගේ අභියෝගයකි. ඔබ හෝ ඔබේ ගුරුවරයා තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොව්තුරා අරුත් දැක්වෙන ශූන්‍යතා ධර්මය පැවසෙන යම් සූත්‍රාන්ත කෙනෙක් නම් නිධන කතාව විසදන්න. ඔබ මෙම නිදාන කතාව විසදුවොත් ඔබ කාලය නොයවාම ඇන හැකිල්ලෙන් නිදහස් වනු ඇත.

    මෛත්‍රිය බුද්ධ කිසිම තැනක සුත්‍ර දේශනාවන් ට ගරහා නැත. මෛත්‍රිය බුද්ධ කරන්නේ ද ගෞතම බුද්ධ කල සේම නිධන කතා විවුර්ත කිරීමයි. ඔබ ආණි සුත්‍රය දන්නේය. එය පිළිගන්නේය. විභාගද සමත් වන්නේය නමුත් ඔබ ආණි සුත්‍රය දුටුවේ නැත. ඔබේ ආණි සුත්‍රය මගේ නෙත ගැටෙන්නට පෙර මම ආණි සුත්‍රය දුටුවෙමි. ඔබේ ආණි සුත්‍රය පිළිබද සටහනින් මම ආණි සුත්‍රය ඉගෙන ගත්ත යයි ඔබ සිතන්නේ නම් එය ඔබගේම මුලාවයි.

    මෛත්‍රිය බුද්ධ සිරිවර්ධන මැතිතුමා 1971 සිට දේසනා කරන්නේ ආණි සුත්‍රය මිස අනෙකක් නොවෙයි. මෙය ඔබ ට දකින්නට අපහසු බව ඇත්තකි. නමුත් ඔබ මෙය දැනගත යුතුය. එසේ නොවුනහොත් ඔබට ඇනහැකිල්ලෙන් නිදහස් විය නොහැකි වනු ඇත. 
    about 10 months ago · 
     · Report · Delete Post
  • මෛත්‍රිය බුද්ධ සාසනයේ පමණක් නොව දර්මය අසා බුධත්වට පත් වී ගිහි සැප විදි අය එදා ගෞතම බුද්ධ සාසනයේද සිටියහ. සුද්ධෝදන රජතුමා එවැනි අයෙකි. බුදු දහම යනු ඇනහැකිල්ලෙන් හෙවත් වචන වලින් මතුවන දහමක් නොවන බව පාරිභාෂික පද තුලින් බුදු දහම දකින්නට වීර්ය යොදන්නෝ නොදනිති. ඔවුහු වසුරු කඳ හිස තබාගෙන යති. නමුත් වසුරු වලට ඇල් හාලේ බත් යයි රැවටෙති.
    about 10 months ago · 
     · Report · Delete Post
  • TO Nimesh,
    1. ඒවං මේසුතං යනුවෙන් දැක්විය යුත්තේ ඔබ වැන්නන් ය.(මෛත්‍රිය බුද්ධ සාසනයේ සිටින්නේ දකින ලද පරිසය). - ඒහි පස්සිකෝ භගවතෝ ධම්මෝ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසූ චක්කුං උදපාදි ..... සම්පූර්ණ ගාථාව දැක්වීම ඔබේ (නිවන අහුරා සිටින) පාලි ත්‍රිපිටක දැනුමට කරන මදි කමකි.

    2. කේලාම් නම් ඇසූ දෙයකි. අසා දැනගෙන ඇත්තේ කවුරුන්ද?, එසේනම් සූත්‍ර දේශනා වලට ගර්හා කරනුයේ කවුරුන්ද?

    3. අවසන් රහතුන් ගේ පිරිනිවීමෙන් පසු නැවත කාලයෙන් වැසුනු සත් ධර්මය 1971 දී මතුවීමෙන් පසුද මෙපමණ කලක් සිදු වූ ලෙස තමන්ගේ අර්ථකතන වලින්ම මවාගත් ප්‍රශ්න විෂයෙහි තමන්ම පටළැවී ඇත්නම් ඒ සඳහා පළමුව කළයුත්තේ (ඔබේ දහම් දැනුම නමැති) වලෙන් ගොඩට ඒමයි. !!!

    මුනින් නවා ඇති කලයකට අමා පැන් කෙලෙස පුරවන්නද ?
    about 10 months ago · 
     · Report · Delete Post
  • ආණි සූත‍්‍රය-නිදාන කථාව විවුර්ත කල වගයි.

    please go to

    http://www.facebook.com/topic.php?topic=186&uid=138205642883169
    about 10 months ago · 
     · Report · Delete Post


1 comments:

Unknown said...

KOHOMADA MANASEN NIDAHAS VENNE?ETHAKOTA API GAS VAGENE.GAS VALATA NAM BAHIRA PARISARAYATH EKKA GATENNA ONE NA.ETHANA CHINTHANAYAK NA.ETH APITA EHEMADA?INDRIYANTA ENNE SEVANALI VITHARAK KIYALA NIKAN INNA PULUVANDA?.PAHADILI KARANNA.

Post a Comment