Pages

Wednesday, July 27, 2011

Topic: ලෝකය සහ ලෝක නිරෝධය


  • මෙහි පහත දැක්වෙන්නේ rajitha viduranshi විසින් අසන ලද ප්‍රශ්නකට පිළිතුරුයි.
    ප්‍රශ්නය: ලෝකයෙන් එතෙර වී ඇති බවත් මරණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී ඇතිබවත් මැරෙන්නට සහ උපදින්නට දෙයක් ඉතුරු වී නැති බවත් තමන් යැයි පිළිගත් චින්තනයක් ඔබට නැති බවත් පවසා ඇති අතර අරිහත්වයට පත්වෙලා නැත ලෙසින්ද දක්වා ඇත. මේ දෙකෙහි වෙනස පහදා දෙනවා නම් අගය කොට සලකමි!

    පිළිතුර: ලෝකය තුල ජීවත් වන පුද්ගලයා ලෝකය සත්‍ය යයි පිළිගනියි. ලෝකය තුල ඇති ජාති ජරා වියාධි සහ මරණ ද සත්‍ය යයි පිළිගනිති. තමන් විසින් සත්‍ය යයි පිළිගත්ත ද අනුන්ගෙන් දැන ගත් මෙම ලෝකය සත්‍ය යයි තමන් දන්නේ නැත. එතැන සැකයක් ඇති නොවන්නේ ඇයි? අනුන් කියන දෙයක් සැකයකින් තොරවම පිළිගන්නේ ඇයි?

    ඔබේ ඇසින් ඔබ ග‍්‍රහණය කරගන්නේ විවිධ සංඛ්‍යාත වලින් යුත් ආලෝක කිරණයන් ය (මෙම ආලෝක කිරණ ද අපගේ පිළිගැනීමකි). ආලෝක කිරණය යනු කම්පනයකි. මෙම කම්පනය තුල වර්ණයක් හෝ හැඩයක් තිබේ ද? මෙම කම්පනය ඇස තුලම ඇති වී එතැනම නැතිවෙයි. මෙම කම්පනය යම් තැනක සිට (ඔබ පිළිගන්නා ආකාරයට වස්තුවක සිට) පැමිණී යමක් ද නොවෙයි. කණ නැමති ඉන්ද‍්‍රිය හරහා පැන නගින්නේ ද වායු කම්පනයකි. මෙම වායු කම්පනය තුල සබ්දයක් තිබේද? මේ ආකාරයට අනෙක් ඉන්ද‍්‍රියන් හරහා කම්පනයක්ම ග‍්‍රහණය කරගනී. කම්පනය හැර ඉන්ද‍්‍රියන් හරහා තවත් දෙයක් ග‍්‍රහණය කරගත්තේ ද? ජාති ජරා වියාධි මරණ මෙම කම්පන තුල තිබුනේ ද? ඔබ කැමති දේවත් ඔබ අකමැති දේවත් මෙම කම්පන තුල තිබුනේ ද? කැමති සේ පවතින හෝ නොකැමති සේ පවතින යමක් මෙම කම්පන තුල තිබේ ද? මෙම විශ්වය තුල කම්පනය හැර තවත් යමක් තිබේ ද?

    මිනිසා තුල ඇති මෝහය කුමක් ද? විශ්වයේ ඇති කම්පනය නිසා ඇති වන සඥ්ඥා විසින් මොළය තුල වර්ණ ජායා සබ්ද ජායා රස ජායා ඝන්ධ ජායා සහ ස්පරශ ජායා සාදා ගනි. මෙම ජායා නොදකින පෘතජන සත්වයා ඒ වෙනුවට බාහිර යමක් ඇතයි පිළිගනියි. මොළය තුල (මොළය ද පිළිගැනීමකි) සෑදෙන ජායාවත් බාහිර වස්තුවත් අතර කිසිම සම්බන්ධ යක් නැත. බාහිර වස්තුව පිළිගැනීමක් පමණි. මුලාවට පත් වී ඇති මිනිසා බාහිර යමක් ඇතයි ද යමෙක් ඉන්නවා යයි ද පිළිගැනීමකට එයි. මෙය තමන්ගේ මුලාව (මෝහය) නොවේ ද? මෙම මුලාව නිසා ලෝභයත් ද්වේශයත් තමන් තුල වර්ධනය වූ බව සත්‍යයකි. නමුත් කායික හා මානසික වීර්යය තුලින් හෝ වෙනයම් ක‍්‍රමයකින් ලෝභය සහ ද්වේශය දුරු කිරීමෙන් මෝහයෙන් නිදහස් වේ යයි යමෙක් සිතන්නේ නම් හෝ ඒ අනුව කටයුතු කරන්නේ නම් එයම මෝහය නොවේ ද?

    තමන් අසන දකින ලෝකය මුලාවක් බව දැක (පිිළිගෙන නොවෙයි) එම ලෝකයෙන් නිදහස් වන විට මෝහයෙන් නිදහස් වෙයි. ජාති ජරා වියාධි සහ මරණ යනු පිළිගැනීමක් පමණක් බව දකියි. එම නිසා පිළිගැනීමෙන් නිදහස් වන විට මරණයෙන් ද නිදහස් වෙයි. මෙය සෝවාන් ඵලයයි. සොවාන් පලයේ දී මෝහයෙන් නිදහස් වුවද ලෝභය හා ද්වේශය ඇත. නමුත් මෙම ලෝභයට හා ද්වේශයට අයිති කරුවෙක් නැත. මෝහයෙන් නිදහස් බැවින් කායික සහ මානසික වීර්යයකින් තොරවම අනාගාමී ඵලයේ දී ලෝභය සහ ද්වේශය සම්පූර්ණයෙන් ක්‍ෂය වෙයි. ඊට පසු ඉතිරි වන්නේ මන තුල ඇති ධර්ම පමණි. අරිහත්වයේ දී මන ධර්ම වලින් ද නිදහස් වෙයි.

    සෝවාන් ඵලයේදී දර්ශනයෙන් පහ කල යුත්ත (දස්සනේන පහා තබ්බ) පහ කර අවසන්. මෙතැන සිහි තබා ගත යුතු කරුණක් නම් දර්ශනය යනු පිළිගැනීම තුලින් හෝ දැනුම තුලින් ලැබෙන දෙයක් නොවන බවයි. පිළිගැනීම තුලින් අවබෝධයක් ලැබෙයි. නමුත් අවබෝධය තුලින් දර්ශනය දකින්නේ නැත.

    උදාහරණයක් ලෙස සමහරු මෙහෙම කියනව ”ලෝක ධර්මතාවයක් තියනව. කොචිචර අකමැති උනත් දුක කරදර අපි කැමති නැති ඒවා අපිට එනව. ඒක වලක්වන්න බැහැ. අපි කොචිචර කැමති උනත් අපි බලාපොරොත්තු වන සැප යනවා. ඒක වලක්වන්න බැහැ. මෙන්න ධර්මය. ඔය ධර්මය තේරුම් ගන්න එකට තමයි කිව්වේ ධර්මාවබෝධය ලබනවා කියල”

    නමුත් මෙය දර්ශනයට මාර්ගය නොවෙයි. දර්ශනයට එන විට ඉන්දියන් වලින් ග‍්‍රහණය කරගත් ලෝක ධර්මතාව අසත්‍ය යයි දකිනවා. නමුත් අවබෝධය තුල ලෝක ධර්මතාව පිළිගන්නව. ඒකනේ ඒක වලක්වන්න බැහැ කියන්නේ. එතකොට කැමැත්ත අකමැත්ත කියන්නේ මොනවද? එවත් පිළිගැනීම් නොවෙයි ද? ඒවා සත්‍ය වෙන්නේ කොහොමද? අපි ඒවා පිළිගන්නා ආකාරයටයි කැමත් අකමැති බව තීරණය වන්නේ. අද කැමති දේට හෙට කැමති නැහැ. ඒවා සාපේක්‍ෂ ධර්ම. මෙම ධර්ම අවබෝධ කර ගත් කෙනා කනුවේ බැදි ගොනා කනුව වටේ කරකැවෙන්නාක් මෙන් ධර්මය වටේ කැරකැවෙනවා. සසර කියන්නේ මේකට තමයි. දර්ශණය තුල පිළිගැනීමක් නැහැ. එතැන ඉන්ද‍්‍රියන් තුලින් ගත් කිසිවක් නැහැ. ලෝක ධර්මතාවය, සැප දුක යනු තමන්ගේ මනසින් සාදාගත් ධර්ම බව දකිනවා. ඒ තමයි සෝවාන් මාර්ගය. ඊට පස්සේ ඉන්ද‍්‍රියන් හයෙන්ම නිදහස් වී ලෝකයෙන් නිදහස් වෙනවා. එතැන තවදුරටත් මරණයක් නැහැ. මරණය කියන්නේ සම්මුතියක් බව දකිනවා. ඒ තමයි සෝවාන් ඵලය.

    දේවල් තිබෙනවා ය, ඉන්නවාය යන පිළිගැනීම මිත්‍ය දෘෂ්ඨියයි. එය මුලාවයි. මෙම දේවල් තමන්ට කැමති සේ පවත්වාගෙන යන්නට උත්සාහ දරන්නේ අවබෝධයක් නොමැති බැවිනි (නමුත් කිසිම දැනුමක් නැති තිරිසන් සත්වයා දේවල් තමන්ට කැමති සේ පවත්වාගෙන යන්නට උත්සාහ දරන්නේ නැත). ධර්ම අවබෝධය ඇති තැනැත්තා දේවල් කැමති සේ පවත්වාගෙන යන්නට නොහැකි බව තේරුම් ගනී. නමුත් පිළිගැනීම ඇති බැවින් මුලාවෙන් නිදහස් වී නැත. අවබෝධය යනු දර්ශනය නොවෙයි. දර්ශණය නම් දේවල් තිබෙනවා ය ඉන්නවාය යන පිළිගැනීමෙන් නිදහස් වීමයි. එය සිදුවන්නේ ඉන්ද‍්‍රියන් හයම ඉක්මවීමෙනි. එවැනි සෝවාන් ඵලයට පත් වූ අයෙක් අනිචිචතාවය (කැමති සේ නොමැති වීම) අවබෝධ කරගන්නට කියන්නේ නැත. අනිචිචතාවය තමන් පිළිගත් ලෝකය තුල ඇති දෘෂ්ඨියක් පමණක් බව සෝවාන් ඵල ලාභියා දකියි.

    Dr Tissa Senanayake
    about 11 months ago · 
     · Report · Delete Post
  • I think we could build a (relevant) discussion with the following statements:

    Dr. Tissa---> "what do you think, do you have any attachment without knowledge? "

    Chamath-->"Think about a person who was isolated from everyone from child birth. He never met any Gurus or teachers. Do you think that he is out of attachments?"

    Dr. Tissa ---> "Very good question. Anyway here I mean here attachment is ‘උපාදාන’. My direct answer is: yes, he is out of attachment. But I know you do not agree with my answer. That is OK. You can argue with me."

    -------------------------------------------------------------------------------------------------------

    Well Dr I don't want to argue, I want to see the truth.

    First of all, please make sure that "attachment" and "උපාදාන" have to be two things. The cycle given by Lord Buddha clearly states that "උපාදාන" (deep attachment or clinging) comes after attachments.

    You said that an isolated person has no උපාදාන.

    So, according to the cycle, no උපාදාන means no cause for a second birth, implies no rebirth.

    So, according to your idea, isolating a person from birth without giving him knowledge seems to be the easiest way of attaining Nirvana. So Dr, are you telling that my parents did a big mistake by giving me education ? When I become a father one day, are you telling me that I should isolate my children from everyone and not allowing to meet any teachers, so they could attain Nirvana easily ? Did Lord Buddha ever say that isolation from birth is a good way of attaining Nirvana ?
    about 11 months ago · 
     · Report · Delete Post


0 comments:

Post a Comment